Sunday, May 31, 2020

ගෆුර් ගොඩනැඟිල්ල අවටින් කළ පරීක්ෂණවලින් කිසිදු ආසාදිතයෙක් හඳුනාගෙන නෑ

කොළඹ ගෆුර් ගොඩනැඟිල්ල සහ එම මාවත අවට ප්‍රජාව අතරින් ඊයේ සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නැහැ.
කොළඔ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැඟිල්ල තුළ සේවා කටයුතුවල නිරත වු නාවික හමුදා සාමාජිකයකු පසුගිය 27 වනදා කොවිඩි 19 ආසාදිතකු ලෙස හඳුනා ගත්තේය.
ඒ අනුව ගෆූර් ගොඩනැඟිල්ල අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් PCR පරීක්ෂණයට ලක්කිරීම සඳහා ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබා ගැනුණි.
කෙසේවෙතත් එම සාම්පල පරීක්ෂාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන නැහැ.
ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 62ක්.
ඒ අතරින් 26 දෙනෙකුම කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කර සිටින අයයි.
සෙසු පිරිස අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 8 දෙනෙකු කුවේට්හි සිටත්, තිදෙනෙකු මාලදිවයිනේ සිටත් මෙරටට පැමිණි අයයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන ‍1620 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අතරින් 781 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 48.21ක්.
829 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සියයට 51.17ක ප්‍රතිශතයක් වෙයි.
මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන සමස්ත ආසාදිතයින්ගේ ප්‍රමාණයෙන් සියයට 0.62ක තරම් සුළු අගයක පවතියි.

No comments:

Post a Comment

සුන්දර තඹරු මල . . .

 ලෝකයේ සුන්දර ළඳුන් (Siyalla2020 Gossip)