කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කටයුතු සුපුරුදු අන්දමින්
කරගෙන යාමේ ප්‍රායෝගික ගැටලුව මතුවීමෙන් පසු අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබාදීමේ කටයුතු ඇතැම් පාසල්වල හා අමතර පන්තිවල ආරම්භ වී තිබුණි.
මේ, ඒවා මෙම කාලපරිච්ඡේදයේ පවතින භූමියේ යාථාර්ථය තුළ කෙතරම් දුරට සාර්ථක ද අසාර්ථක ද යන්නත් ඉදිරියේ දී පාසල් කටයුතු ආරම්භය හා එය සිදුවිය හැකි ආකාරයන් ටියුෂන් අධ්‍යාපනයට කළ හැකි බලපෑමත් මෙම සංවාදයට විෂය වෙයි.
සාකච්ඡාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි
ඔන්ලයින් අධ්‍යාපනය
ගැන අපි කතා කරන්නේ කොළඹ ඉඳගෙන නේ.ඇත්තම කතාව අපේ ගම්පහ සහ කොළඹ පන්තිවලත් ඒ පන්තිවලින් භාගයක්වත් අන්තර්ජාලය
හරහා ඔන්ලයින් අධ්‍යාපනයට සම්බන්ධ කරගන්න බැරිවෙලා තියනවා.එක හේතුවක් කොළඹ ගම්පහ
පන්තිවලටත් ඈත ප්‍රදේශවලින් එන ළමයිත් ඉන්නවා. ඒ අයට අන්තර්ජාල හා දුරකථන පහසුකම් නොමැතිකමත්
තියනවා. අනෙක් හේතුව ඬේටා ප්රශ්නය. ඔන්ලයින් වැඩ කරගෙන යද්දී ඒවාට සෑහෙන ඬේටා ප්‍රමාණයක්
කැපෙනවා. යූ ටියුබ් සඳහා වුණත් විවිධ පැකේජ පාවිච්චි කරන ඒවා හැරෙන්න ලොකු
ඬේටා ප්‍රමාණයක් කැපෙනවා. යූටියුබ් වගේ නම් ළමයින්ට රුපියල් දෙසිය පනහකට වගේ
අසීමිත ලෙස බලන්න පුළුවන් පැකේජ තියනවා. ඊට අමතරව ගෙවල්වල සමහර වෙලාවට
තියෙන්නේ එක ජංගම දුරකථනයයි. ඒක සමහර වෙලාවට තාත්තා වැඩට යද්දී අරගෙන ගියාට
පස්සේ අපි දවල්ට උගන්වද්දී ඒ ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න විධියක් නෑ.
මේ ආකාරයේ විවිධ හේතු නිසා අපේ පන්තිවලත් ළමයි 60%ක් පමණ ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමට
සම්බන්ධ කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් දැන් අධ්‍යාපනයට මොකද වෙන්නේ
කියන දේ ගැන නිශ්චිත
මාර්ග යක් නැති නිසා
සියලුදෙනා පුළුවන් ළමයි ටික එකතු කරගෙන ඔන්ලයින් උගන්වන තත්ත්වයක් තමයි
තියෙන්නේ. මට නම් තේරෙන විදියට රටේ 60%ක් 70%ක් පමණ ළමයින්ගේ අධ්‍යාපනයට මේ වෙලාවේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපිට මෙහෙම
තත්ත්වයක් තිබුණාට සහ ජාත්‍යන්තර පාසල්වල ඒ විධියට කටයුතු කරගෙන ගියත් අඩුම ගණනේ ගෙවල්වල
ටීවී රේඩියෝත් නැති ළමයි සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. නගරබද ප්‍රධාන පෙළේ
පාසල් කීපයක මේක කරගෙන යෑම පහසු වුණාට රටේ ළමයින්ගෙන් 60%කට විතර මේක අතහැරිලායි තියෙන්නේ. අපිත් දැන්
ඔන්ලයින් පන්ති පටන් ගන්න තීරණය කරලා තියනවා. නමුත් අපි ඒකට ලියාපදිංචි
වෙන්න කියලා කිවුවාට භාගයක්වත් ළමයි ඒ සඳහා ලියාපදිංචි වෙලා නැහැ. ඬේටා ප්‍රශ්න,
සමහර පැතිවල සිග්නල් නැති ප්‍රශ්න සහ තවත් ප්‍රශ්න
ගොඩක් මේවා සම්බන්ධයෙන් තියනවා. අධ්‍යාපනයට දැන් මොකක්ද වෙන්නේ කියන දේ ගැන
නිශ්චිතභාවයක් නැති නිසා ගුරුවරු පැයක එකහමාරක ඔන්ලයින් වැඩසටහන් කරනවා. හැබැයි
ළමයි ඒවා බැලුවාට ඒ හරහා වගකීමකින් ඉගෙන ගැනීමක් සිද්ධවෙන්නේ නැහැ. ඒ පාඩමේ
කෑල්ලක් බලනවා, ආයේ තව දවසක තව පාඩමක
කෑල්ලක් බලනවා. එහෙම කරනවා මිස මේක එහෙම කරගෙන යන්න අමාරුයි. ඒ නිසා ඔන්ලයින් එන්න පුළුවන් ළමයි ටික ඒ
විදියටම තියාගෙන එහෙම කරන්න බැරි අයව කණ්ඩායම්වලට කඩලා ගෙන්වා පන්ති කරන්න
හෝ ඉදිරියේ දී කටයුතු කරන්න සිදුවෙනවා. ඒ නිසා ඔන්ලයින් අධ්‍යාපනය ගැන අපි මෙහේ ඉඳන්
කතා කළාට ලංකාවේ 60% කට වැඩිය
ළමයින්ට අධ්‍යාපනයක් මේ වෙද්දී නැතිවෙලා තියනවා. අනෙක් කාරණය තමයි, අධ්‍යාපනය කීවාම පෞද්ගලික අධ්‍යාපනය ගැන සියලුදෙනා හැසිරෙන්නේ
දැක්කෙ නෑ, එහෙම දෙයක් නෑ වගේයි. පහුගිය
කාලයේ විවිධ ක්ෂේත්රවල අය අසරණ වුණා කියලා කතා වුණා, ඒ වගේම මේ ටියුෂන් ක්ෂේත්රය ආශ්‍රිතව රැකියා කළ,
පසුගිය කාලයේ අසරණ වුණ ලක්ෂ දහයක දොළහක පිරිසක්
ඉන්නවා. ඒ අයට මාස තුනක් තිස්සේ කිසිම ආදායමක් ලැබෙන්නේ නැති වුණත් මේක ක්ෂේත්රයක්
විදියට කතා කරනවා මම කිසිම තැනක දැක්කේ නැහැ. පහුගිය කාලයේ ආදායම් බදු එකතු
කිරීම් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන වශයෙන් ගන්න ඕනෑ ක්ෂේත්රවල අය විදියට වෛද්‍යවරු,
ටියුෂන් ගුරුවරු, නීතීඥවරු ගැන කතා වුණා. ඒ වෙලාවේ දී සියලුදෙනා මේක කර්මාන්තයක්
විදියට දකිනවා. නමුත් මේ වගේ ප්‍රශ්නයක් වුණාම මේක දැක්කේ නෑ වගේ ඉන්නවා.
ටියුෂන් හරි ද වැරදි ද කියන දේ කෙසේ වෙතත් ලංකාවේ ටියුෂන් කියන්නේ ආර්ථිකයක්. ගම්පහ නගරය
බැලුවාම පේනවා නගරය විවෘත වුණාට තවම සෙනඟ නැහැ. මොකද පන්ති නැති නිසා
නගරයේ ඒ ආර්ථික කටයුතු සියල්ල වෙන්නේ නැහැ. මොකද ඉස්කෝල වගේ නෙමෙයි, ටියුෂන් කියන්නේ වෙන ආර්ථිකයක්.
ඉස්කෝල වැහුවාම
ආණ්ඩුවට එක් අතකින් ඉතිරියක් වෙන්නත් පුළුවන්, නමුත් ටියුෂන් කියන දේ වෙන ආර්ථිකයක්. පහුගිය කාලයේ සිට ඒක රටේ විශාල
පිරිසකට බලපාලා තියනවා. නමුත් ඒක මේ අය එහෙම දකින්නේ නැහැ. ඉස්කෝලේ වෙලාවේ උගන්වන්න එපා කියලා ඊළඟට
කියනවා. ඊළඟට කියනවා ඉස්කෝලේ හවසත් දානවා, කියලා. එතකොට ළමයි ටියුෂන් යන්නේ රෑට ද? මේ රටේ ඉගෙනගත් විශ්වවිද්‍යාලවල ගිය අයගෙන් 90%
ක්ම සල්ලි ගෙවා හෝ නොමිලේ හේ කොහේ හරි කොහොම හරි
ටියුෂන් ගිය පිරිසක් බව මේ මිනිස්සු කුහක වෙන්නේ නැතිව තේරුම් ගන්න ඕනෑ. වී අලෙවි
මණ්ඩලය ලොකු නොවී එක් පුද්ගලයෙකුගේ හාල් මෝලක් ලොකු වුණේ ඇයි? හරි නම් වී අලෙවි මණ්ඩලය ලොකු වෙන්න ඕනෑ වුණත් ඒක
වැහිලා ගිහිල්ලා එක්කෙනෙක්ගේ හාල් මෝලක් ලොකු වෙනවා. බස් සම්බන්ධයෙනුත් ඒ දේමයි.
සී.ටී.බී. බස් නෑ, පුද්ගලික බස්
ලොකු වෙනවා. ඒ වගේ
රටේ අධ්‍යාපනයත් එතැනට තල්ලුවෙලා පෞද්ගලික අධ්‍යාපනය එතැනට ගිහිල්ලා
තියනවා. ඒ නිසා මේක ක්ෂේත්‍ර දෙකක්. ඒ පිළිබඳ දකින්න ඕනෑ. එහෙම දැක්මක් නැහැ. ඕක ළමයි තුළත්
දකින්න තියනවා. ලංකාවේ වැඩිම ලකුණු ගත් ළමයා කතා කරද්දී ඒ ළමයා ගිහින්
තියෙන්නේ ඉස්කෝලේ විතරයි, කිසිම අමතර පන්තියකට
ගිහින් නැහැ. ඒත් සතියකට විතර පස්සේ ඒ ළමයා තමන්ගේ පන්තියට ආ කෙනෙක් කියලා
ළමයාගේ නම ගහලා ටියුෂන් ගුරුවරු හය හත්දෙනෙක් කොළ බෙදනවා. ඊට පස්සේ ඒ
ළමයාත් ඒ හත් අට දෙනාම හම්බවෙන්න ගිහින් තව ගන්න තියෙන දේකුත් ගන්නවා. මාධ්‍යවලිනුත්
ටියුෂන්කාරයෝ කිය කිය ගහනවා. හැබැයි ටීවී වෙළෙඳ දැන්වීම්, රේඩියෝ වෙළෙඳ දැන්වීම් දාන කාලෙට ඒ ටිකත් දානවා. ඒ නිසා මේ
මිනිස්සුන්ට ටියුෂන් සම්බන්ධයෙන් කුහකකමක් තියනවා. මම කියන්නේ ටියුෂන් හරි ද නැද්ද කියන
දේ වෙන කතාවක්. නමුත් ඒක මේ වෙලාවේ මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා මේ රටේ
අධ්‍යාපනය ගැන සාකච්ඡා කරනවා නම් පෞද්ගලික අධ්‍යාපනය සහ රාජ්‍ය අධ්‍යාපනය
දෙකම එකට අරගෙන යන කුමක් හෝ වැඩපිළිවෙළකට තියෙන්න ඕනෑ. එහෙම නැතිව මේක
දිහා බලන්න ගියොත් මම හිතන්නේ ප්රශ්නය වෙන්නේ ළමයින්ටයි. ටියුෂන් කියන දේ ළමයින්ට
අවශ්‍ය නැත්නම් ඒක ස්වාභාවික මරණයකට පත්වෙන්න ඕනෑ. ඒ තත්ත්වයට පත්වෙන්න නම්
ඊට ඉස්සරවෙලා රටේ පාසල්වල අධ්‍යාපනය අපි හදාගන්න ඕනෑ නේ. ඒකට අපි එකඟයි. ■
සංයුක්ත ගණිතය දේශක දුෂ්‍යන්ත මහබදුගේ

No comments:
Post a Comment