Tuesday, June 23, 2020

හදිසියේ කරුණා අසනීප වෙයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණද විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අද දිනයේද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ නැහැ. 

ඔහුගේ නීතිඥයා දැනුම් දී ඇත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කරුණා අම්මාන්ට ප‍්‍රකාශයක් ලබාදීමට නොහැකි බවයි. ඒ අනුව සුවය ලැබූ පසු ප‍්‍රකාශයක් ලබාදෙන බවයි කරුණා අම්මාන් පවසා ඇත්තේ. 
ඔහු සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබද වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ඊයේ ඊයේ දිනයේයි. 
ඒ අනුව කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහු ඊයේ රාති‍්‍රයේ හෝ අද පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙනු ඇති බවට පළ වූ වාර්තා හේතුවෙන් මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුව අසල රැදී සිටියා. 

No comments:

Post a Comment

සුන්දර තඹරු මල . . .

 ලෝකයේ සුන්දර ළඳුන් (Siyalla2020 Gossip)