රටේ සෑම පුරවැසියෙකුම දිවයිනට ගෙන්වාගැනිම රජයේ වගකිම වුවද එය කළ යුත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ගැටලුවක් නොවන ආකාරයෙන් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඔහු මේබව සඳහන් කලේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කළ 'ඉටුකම' වැඩසටහන සමගින් අද එක්වෙමින්.
කුමන රටක සිටින කුමන තරාතිරමක අයෙකුට වුවද අනතුරක දී සිහි වන්නේ සිය මව් රට බව පැවසු ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් 40000ක පමණ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටින බවයි.

No comments:
Post a Comment