ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ අධි තාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ යොදා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.
2001 වර්ෂයේ සැප්තැම්බර් මස
11 වෙනිදා අල් කයිඩා
සංවිධානය විසින් අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේදී ඇතිවූ තත්ත්වයෙන් පසු ධවල
මන්දිරය තුල ඉහළතම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරිමට පසුගියදා එරට බුද්ධි අංශ
විසින් පියවර ගනු ලැබුවා. ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයත් සමග ඇතිවූ විරෝධතාවයන්
සමගයි.
ධවල
මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය සමග එහි සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට
රැකියාව අවසන් කොට පිටව යාමේදී සහ නැවත සේවයට පැමිණීමේදී ඔවුන්ට ලබාදී ඇති අවසර
පත්රයන් සඟවා ගෙන එන ලෙසට නියෝග කර තිබෙනවා.
ජෝර්ජ්
ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයන් අද 06 වන දිනටත් අමෙරිකාවේ
ප්‍රාන්ත රැසක දියත් වෙමින් තිබෙනවා.

No comments:
Post a Comment